ටැංකියට සුදුසු මසුන් තෝරාගැනීම [ආරම්භකයින් සඳහා මූලික මාර්ගෝපදේශය - 5]

 සුදුසු මසුන් තෝරාගැනීම

ආරම්භකයකු ලෙස, ඔබ ඔබේ මින්මැදුර සඳහා මාළු තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතුය. ආරම්භකයකුගේ මින්මැදුරක් සඳහා වඩාත් සුදුසු මසුන් වන්නේ ගප්පි (Guppy), ප්ලේටී (Platy), මොලී (Molly) සහ කඩු වලිගයා (Swordtail) යන මත්ස්‍ය විශේෂ වේ. මෙම මසුන් රැකබලා ගැනීම ඉතා පහසු වන අතර විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ ජීවත් විය හැකිය.

 රූපය 1: ගප්පි (Guppy)

   රූපය 2: ප්ලේටී (Platy)

රූපය 3: මොලී (Molly)

රූපය 4: කඩු වලිගයා (Swordtail)

ඔබේ ටැංකිය සඳහා ඔබ තෝරා ගන්නා මාළු ගණන තවත් ප්‍රධාන කරුණකි. ඔබ නිර්දේශිත ප්‍රමාණයට වඩා මාළු එකතු කළහොත්, එය ඔබේ මින්මැදුරට අහිතකර ලෙස බලපෑ හැකිය. මන්ද ටැංකියක මාළු සාන්ද්‍රණය අධික වීම රෝග වර්ග කිහිපයක් වේගයෙන් ව්‍යාප්ත වීමට එක් හේතුවක් විය හැකි අතර මේ හේතුවෙන් මසුන් මිය යා හැකිය. එපමණක් නොව, ඔබ නිර්දේශිත ප්‍රමාණයට වඩා මාළු එකතු කළහොත් ඔබේ මින්මැදුර පිරිසිදුව තබා ගැනීම ඉතා අපහසුය.

මීට අමතරව, ඔබ ඔබේ මින්මැදුර සඳහා මාළු තෝරාගැනීමේදී මාළු උපරිම ප්‍රමාණයන් පිළිබඳව යම් අවබෝධයක් තිබිය යුතුය. එයට හේතුව කුඩා කාලයේදීම මාළු තෝරා ගන්නේ නම් ඒවා ප්‍රමාණයෙන් කුඩා විය හැකි නමුත් වැඩිහිටි වියට පත් වූ විට ඔවුන්ගේ ශරීර ප්‍රමාණය විශාල විය හැක. එවිට ඔබ ටැංකියේ ප්‍රමාණය වැඩි දියුණු නොකළහොත් එය ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකිය. මාළු සමහර විට ආතතියට පත් වන අතර අසාමාන්ය හැසිරීම් පෙන්වයි. එමනිසා, ඔබ එකතු කිරීමට අවශ්‍ය මාළු ප්‍රමාණය මින්මැදුරේ ප්‍රමාණය සහ ඔබ ඔබේ මින්මැදුර සඳහා තෝරා ගැනීමට යන මත්ස්‍ය විශේෂ මත පදනම්ව තීරණය කළ හැකිය. 

Post a Comment

أحدث أقدم